ශ්‍රි ලංකා – කොරියා මිතුදම ශක්තිමත් කළ ජනපති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දෙරට අතර මිත‍්‍රත්වය වඩාත් ශක්තිමත් කරගනිමින් සහ රටට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත්කරදෙමින් සිය රාජ්‍ය සංචාරය සාර්ථකව නිමකර ඊයේ (30) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ස්ථාපිතවීමේ 40 වැනි සංවත්සරය වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙහිදී සැමරූ රාජ්‍ය නායකයෝ, දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළහ.

එමෙන්ම දෙරට අතර මිත‍්‍රත්වය සහ සහයෝගීතාවය නව මානයකට රැගෙන යාමට කැපවන බවට ද නායකයෝ සපථ වූහ.

දෙරටට ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් ආර්ථික ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සඳහා ආර්ථික සහයෝගීතා ගිවිසුමකට ද රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබුණු අතර ද්වි පාර්ශ්වික ආයෝජන, වෙළෙදාම සහ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට මෙම ගිවිසුමෙන් එකඟ විය.

කොරියානු වෙළෙඳ – ආයෝජන ප‍්‍රවර්ධන නියෝජිතායනය හා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය අතර, අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබුණු අතර, කොරියානු සහ ශී‍්‍ර ලංකා සමාගම් සඳහා ඇති ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඒ අනුව එකඟතාවය පළකෙරිණි.

අදාළ සමාගම්වල නියෝජිතයින් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවක් සඳහා ද මෙම සංචාරයේදී ජනාධිපතිතුමා එක් විය.

සංවර්ධන සහයෝගීතා ක්ෂේත‍්‍ර තුළ ශී‍්‍ර ලංකාව සඳහා වූ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 2017 – 2019 කාලපපරිච්ඡේදය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබිණි.

රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර, ඒ තුළින් දකුණු කොරියාවේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින්ට ඉදිරියේදී ප‍්‍රතිලාභ රැුසක් සැලසෙනු ඇත.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා වෛද්‍ය ක්ෂේත‍්‍රවල සහයෝගීතාවෙහි මෑතකාලීන වර්ධනය පිළිගැනීමට ලක් කළ රාජ්‍ය නායකයෝ විද්‍යා, තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රවල සහයෝගීතාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට එකඟ වූහ. ජාත්‍යන්තර කෘෂිකර්මය පිළිබඳ කොරියානු වැඩසටහන සහ ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා වැඩසටහන යටතේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමට ද ඔවුහු සාකච්ඡුා කළහ.

එපමණක් නොව කලාපීය කටයුතු පිළිබඳව ද නායක දෙපළ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත් අතර, ජාත්‍යන්තර සංවිධාන සඳහා වූ නිලවරණ, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය වැනි ගෝලීය කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්විය සහයෝගීතාව වර්ධනය කරගැනීමට ද එකඟතාවය පළ කෙරිණි.
ජාතිය යළි ගොඩනැගීම හා සංහිඳියාව සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා රජය ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ සුවිශේෂී පැසසුමට ලක්විය.

තමන් දෙදෙනා අතර, පැවති හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ කරුණු කි‍්‍රයාවට නැංවීමේදී ඒවා දෙරට අතර නිතර පැවැත්වෙන ප‍්‍රතිපත්තිමය සාකච්ඡුා ඔස්සේ අඛණ්ඩව පසුවිපරම් කිරීමේ වැදගත්කම ද රාජ්‍ය නායකයින් අවධාරණය කළ අතර ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීම ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ඉතා සතුටින් යුතුව පිළිගත්තේය.

මෙම සංචාරයේ දී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ දකුණු කොරියානු ජනාධිපතිතුමාගෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට හිමිවූ උණුසුම් සහ මිත‍්‍රශීලි පිළිගැනීමයි.

සම්ප‍්‍රදායෙන් බැහැරව නිල හමුවටත් පෙර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමග සුහද මිත‍්‍රශීලි හමුවකට එක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා, දෙරට අතර මිත‍්‍රත්වයේ දිගු ගමනකට පෙර මග සැකසීය.
මේ අතර සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනැමීමට කටයුතු කර තිබුණේ ද එම සුහදශීලි මිත‍්‍රත්වයට කළ ගෞරවයක් ලෙසය.

සිය සංචාරය තුළ දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග ද හමුවකට එක්වූ ජනාධිපතිතුමා සුප‍්‍රසිද්ධ ජෝග්යේසා විහාරස්ථානය වැඳපුදා ගැනීමට මෙන්ම මව්බිම වෙනුවෙන් දිවි පුදකළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් ඉදිකර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළේය.

එමෙන්ම කොරියා – ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු මිත‍්‍ර කණ්ඩායම ද සෝල් නුවරදී ජනාධිපතිතුමා හමු විය.

මේ අතර තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරය නිමාකළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ගෞරවණීය සමුදීමක් සඳහා එරට රජය විසින් ඉන්චෝන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විශේෂ සැමරුමක් සංවිධානය කොට තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 17 =