අතුරුදන් වු ආජන්ටිනා සබ්මැරිනයේ කාර්ය මණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම් නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනා මුහුදු සීමාවේදී සති දෙකකට පෙර අතුරුදන් වු සබ්මැරිනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 44දෙනා සොයා සිදුකළ මෙහෙයුම් අත්හිටුවා තිබේ.

ආජන්ටිනාවේ නාවික හමුදාවට අයත් ඒ ආර් ඒ සැන්ජුවාන් සබ්මැරිනය මෙලෙස අතුරුදන් විය. එම සබ්මැරිනය අවසන් වරට මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වී ඇත්තේ පසුගිය මස 15 වෙනිදාය.

එහි බැටරිවලට මුහුදු ජලය කාන්දු වීමෙන් එය පුපුරායන්නට ඉඩ ඇති බවට විශ්වාස කෙරේ.

සබ්මැරිනය අතුරුදන් වු ප්‍රදේශයෙන් දැවැන්ත පිපුරුම් හඩක් ඇසීමත් සමග එහි සිටි සමාජිකයන් ජිවතුන් අතර සිටිනු ඇති බවට තබා සිටි බලාපොරොත්තු සුන් වු බව එරට නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

සමාජිකයන් සොයා සිදුකරන මෙහෙයුම් නවතා දැමුවද සබ්මැරීනය සොයා කෙරෙන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවද ඔවුන් වැඩිදුරටත් සදහන්කර තිබේ. මෙම සෝදිසි මෙහෙයුම් සදහා රටවල් කිහිපයක හාරදහසකට අධික පිරිසක් එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *