විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) –ආපදා තත්ත්වය හේතුවෙන් සිදු ව ඇති විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතංශය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංක 1987, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ක්ෂණික දුරකථන අංක 1910, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ක්ෂණික දුරකථන අංන 1901වෙත ලබාදිය හැකිය.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්මලාන අවට විදුලිබිඳවැටීම් සම්බන්ධයෙන් 0114 418 418 සහ දකුණු පළාත සඳහා 0714 238 623අංකයන් ද ලබාදී ඇත.

මීට අමතර ම විදුලි පෞද්ගලික සමාගමේ ක්ෂණික දුරකතන අංක 1910 සඳහා විදුලි පෞද්ගලික සමාගම වෙතින් විදුලිය ලබාගන්නා පාරිභෝගිකයන් සඳහා පමණක් දැනුම්දීම් සිදුකරන ලෙසත් එහි සභාපතිවරයා ඉල්ලා සිටී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *