ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් යළි උද්ඝෝෂණයක

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් ආජන්ටිනා රජයට එරෙහිව නැවතත් උද්ඝෝෂණයක් අරඹා තිබේ.

දකුණු අත්ලාන්තික් සාගරයේ දී පසුගියදා සබ්මැරීනය අතුරුදන්වූයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 44 දෙනෙකු ද සමගිනි.

එහිදී දිවි ගලවා ගත් පිරිස් සෙවීමේ මෙහෙයුම් අත්හැර දැමීම පිළිබඳ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආජන්ටිනා රජයට විරෝධතාව පළ කර සිටියි.

දිවි බේරා ගත් බවට සැකකෙරෙන පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කරන ලෙස ඔවුන් ආජන්ටිනා රජයෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් එරට නාවික හමුදාව පවසන්නේ අතුරුදන් වූ කිසිවෙකු ජීවතුන් අතර සිටිනබවට විශ්වාස කළ නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + one =