ගිනස් පොතට ගිය අනුලාවති මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙසට සැලකෙන ජේඩිගේ අනුලාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය පදිංචිව සිටින්නේ අරණායක, ගැවිලිපිටිය ප්‍රදේශයේ ය.

මිය යන විට ඇගේ වයස අවුරුදු 115කි. ඇය ඉපදී ඇත්තේ 1902 ජූනි මාසේ 4 වැනිදා ය.

ඇය ගැන වැඩි අවදානයක් යොමුවීමට තවත් හේතුවක් පවතී. එනම් ඉකුත් සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ දී හෙල්ල සහ යගුලිය ඉසව්වට සහභාගී වී ඇය ගිනස් වාර්තාවකට හිමිකම් කීමය.

එම තරගාවලියට මෙම කාන්තාව සහභාගී වූයේ අවුරුදු 110 ත් 115ත් අතර වයස් කාණ්ඩ නියෝජනය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =