ප්‍රේමදාස ජනාධිපතිගේ දෙටු සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ දෙටු සොහොයුරිය වන රණසිංහ රූපාවතී මාතාව (87) අභාවප්‍රාප්ත විය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ හිටපු වාණිජ විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත මහතාගේ ආදරණීය මෑනියන් වේ.

ඇය නවලෝක රෝහලේ සේවයේ නියුතු එස්. ඩබ්ලිව්. රන්ජන මහතා ගේ මෑණියන් ද වේ. එතුමිය ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවක්ද වේ. ඇය රාජ්‍ය මුදුණ නීතිගත සංස්ථාවේ සේවයේ නියුතුව සිට නැසීගිය එස්. ඩබ්ලිව්. ධර්මදාස මහතාගේ ආදරණීය බිරිඳ වේ.

දේහය අංක 284, කොස්කනත්ත පාර, මාම්පේ උතුර, පිළියන්දල පිහිටි නිවසේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත.

ආදාහන කටයුතු දෙසැම්බර් 6 වන බදාදා සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + eighteen =