ආසියාවේ විශාලම වකුගඩු රෝහල ආරම්භ කරනවා

(කොළඹ, ලංකාපුවත්) –දුම්බීම පාලනය කිරීමට රජය දැඩි ප්‍රතිපත්තියක සිටින බවත් ඉදිරියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කරන බවත් දැනට සියයට 75%ක් බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 25%ක් දක්වා 2025 වනවිට අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය

බෝ වන රෝග පෝළියෝ රෝගයෙන් නිදහස් වුණා. ළාදුරු රෝගයෙන් නිදහස් වුණා. මැලෙරියා රෝගයෙන් නිදහස් වුණා. එන වසරේ සරම්ප හා රුබෙල්ලා රෝගයෙන් නිදහස් වෙයි කියලා. පිස්සු බලු රෝගයෙන් නිදහස්  වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එච්.අයි වී කලාපයේ අඩු මට්ටමක තිබෙන්නේ. ඩෙංගු කෙටි කලකින් මර්දනය කරගන්න හැකි වුණා. විශාල ක්‍රියාමර්ග ගත්තා.

ඩෙංගු මර්දන සහායකයින් 1500ක් බදවා ගත්තා. විශාල වැඩකොටසක් ගත්තා. අප ඩෙංගු රෝගීන් 7000 දක්වා පාලනය කළා. සියයට 25%ක් බෝ නොවන රෝගවලින් මිය යන ප්‍රමාණය 2025 වනවිට අඩු කිරීමට  බලාපොරොත්තු වෙනවා. නොයෙක් ක්‍රියාමාර්ග ගත්තා. දුම් බීම අවම කිරීමට විශාල අරගලයක් කළා. සියයට 80%ක රූපමය අවවාද කළා. සියයට 90%ක වැඩිම බදු ප්‍රමාණයක් සිගරට්වලට ගැහුවා.දුම් කොළ අංශය ඉතාම ප්‍රබලයි.මේ අය මුදල් වියදම් කරනවා. දුම් වැටි බිලියන අඩුවෙලා තියෙනවා,තහනම් කළාට පස්සේ.පාසල් අවට දුම් වැටි විකිණීම තහනම් කරනවා. තනි සිගරුට්ටුව විකිණීම තහනම් කර තිබෙනවා. දුම් කොළ වගාව තහනම්  කරනවා. රජය දැඩි ප්‍රතිපත්තියක සිටිනවා දුම් බීම පාලනය කිරීමට.මේ ක්‍රියා සාර්ථකව කටයුතු කරන්න හැකි වුණේ යහපාලන රජයේ සිටින ජනාධිපතිතුමා නිසයි. සීනි සඳහා ට්‍රෆික් ලයිට් සිස්ටම් එක ගෙනවා.මේ වසරේ ඉල්ලීම පිට සීනි වලට බදු ගැසීමට.මෙවැනි වැඩපිළිවෙල ලුණු සහ මේදයටත් ගේනවා.

සියලු ප්‍රතිකාර අප නිදහස් කරගත්තා.අද අප නිදහස් සෞඛ්‍ය නියම තැනට ගෙනාවා.මිලියන 4727ක් පිළිකා රෝගීන්ට වියදම් කර තිබෙනවා. අද මේ සියලු රෝගීන් ජීවත් වෙනවා. අක්ෂි කාච,හෘද ස්ටෙන්ට් වර්ග නොමිලේ ලබාදී තිබෙනවා. මිලියන 324ක් වියදම් කර තිබෙනවා. එදා පිළිකා ඖෂධවල විශාල ජාවාරමක් තිබුණා. අක්ෂි කාච දැමීම වැඩි වෙලා තිබෙනවා. අක්ෂි කාච දැමීම ජයවර්ධන රෝහලෙත්, නෙවිල් ප්‍රනන්දු රෝහලේ ප්‍රතිකාර ලබාදීමට බලපොරොත්තු වෙනවා.දුප්පත් රෝගීන්ට සියලු සේවා ලබදෙනවා. වත්මන් ජනාධිපතිතුමාගේ කාලයේ නියම නිදහස් සෞඛ්‍ය සේවය අද ඇති වී තිබෙනවා. බෝ නොවන රෝග අඩු මට්ටමකට ගෙන ඒමට
බලපොරොත්තු වෙනවා.පන්දහසකට එක් වෛද්‍යවරයෙක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා.විශාල පරිමාණයෙන් බෙහෙත් මිල අඩු කළා. ආසියාවේ ලොකුම වකුගඩු රෝහල අපි ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *