ට්‍රම්ප්ගෙන් FBI වෙත දැඩි චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එෆ්.බී.අයි ආයතනයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එෆ්.බී.අයි. ආයතනයේ ගෞරවය දෙදරාගොස් ඇති බවය. 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස චෝදනා කළේය.

සිය ආධාරකරුවෙකු වන මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් ඉවත්කර ගන්නා ලෙස හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කොමේගන් ඉල්ලා ඇති බවට අමෙරිකා ජනාධිපතිවරයාට චෝදනා එල්ල වේ.

එය ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා එෆ්.බී.අයි. ආයතනයට දෝෂාරෝපනය කර තිබේ. අමෙරිකානු මැතිවරණයේ දී රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් රොබට් මුලර් පිළිබඳව සිදු කරන පරීක්ෂණ හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *