කාලගුණයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාළගුණය හේතුවෙන් ​දිවයිනට බලපෑ හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාව උදෙසා ලක්ෂ 32 ක වටිනාකමින් යුත් සෙවිලි තහඩු, පැඳුරු සහ කොට්ට ලබා දීමේ වැඩසටහන් කිහිපයක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීමෙන් යටතේ ඊයේ (04) දිනයේදී පැවැත්විණි.

ඒ අනුව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව – කැම්පියන්, ක්වීනා, අප්කොට්, මස්කෙළිය හා නෝර්වුඩ් යන ප්‍රදේශයන්හි පීඩාවට පත් වතු ප්‍රජාව වෙනුවෙන් මෙම සෙවිලි තහඩු, පැඳුරු හා කොට්ට ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවන් සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නුවරඑළි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සෝමා සීදරන් මහතා ඇතුළු රැසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =