වාරි මිතුරු පරිසර ළමා සමාජ පිහිටූවීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –වාරි මිතුරු පරිසර ළමා සමාජ පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ඊයේ(04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹින. ශී‍්‍ර ලංකාවේ වාරි ශිෂ්ඨාචාරය පිළිබඳ අවබෝධයක් සහිත හා පරිසරයට, සෙබාදහමට ආදරය කරුණාව දක්වන පිරිසක් රටට දායාද කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නගන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

වාරි ශිෂ්ඨාචාරය හා ගොවිකම පිළිබඳ නූතන පරපුර සතු දැනුම හීන වීම බරපතල ගැටළුවක් වී තිබේ. ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේද තරුණ පරපුර මෙම ඉසව්වලින් ඉවත්ව යාමේ යම් ප‍්‍රවනතාවක් ඇති වී තිබෙන බවයි. එමෙන්ම වාරි පද්ධතිය කෙරෙහි තිබූ ආදර කරුණාව හා ඒවා සුරක්‍ෂිත කිරීමේ හැගීමද ටිකෙන් ටික බිඳ වැටෙමින් පවතින බවද ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන කාරණයයි.

මේ පිළිබඳ අවදානය යොමු කරමින් නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා උපදෙස් ලබා දුන්නේ රටේ ඉතිහාසය වර්තමානය මෙන්ම අනාගතයද ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැහැර විය නොහැකි බවයි. එබැවින් වාරි මිතුරු පරිසර ළමා සමාජ ඇති කරමින් වාරි ශිෂ්ඨාචාරය හා ගොවිකම මතුවටද දායාද කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ඔහු උපදෙස් ලබා දුන්නේය.

එහි මූලික කටයුතු හුරුළුවැව ගොවි සංවිධාන හා පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි සංවිධාන ආශි‍්‍රතව කි‍්‍රයාවට නැගීමටද තීරණය විය. එමෙන්ම වාරිමාර්ග කළමනාකරණ අධක්‍ෂ චන්දිකා ඇතුගල මහත්මිය වෙත එහි සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ වගකීම පවරන ලදී.

මෙම සමාජ පිහිටුවීමෙන් අනතුරැුව ගොවි දරුවන්ගේ දැනුම ආකල්ප හා කුෂලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාවට නැගීමටද මෙහිදී තීරණය විය. එමෙන්ම වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශය හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඕනෑම ප‍්‍රදේශයකට මෙවැනි වාරි ළමා සමාජයක් පිහිටුවීම සඳහා පහසුක ම්ලබා ගත හැකියි.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර, හුරුළුෑවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි ඒකනායක, වාරිමාර්ග කළමනාකරණ අධක්‍ෂ චන්දිකා ඇතුගල යන මහත්ම මහත්මීන්ද වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =