ශ්‍රි ලංකාවේ ප්‍රථම ඉනිම දුෂ්කර සටනකින් නිම වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 371 වක ට සිමා විය. ඒ ඊයේ(04) දිනයේ පුරාවට පන්දුවට පහරදෙමින් කඩුල්ලේ රැදි සිටි දිනෙෂ් චන්දිමාල්ගේ ලකුණු 164 දැවි යාමත් සමඟය.

ඊයේ දිනය අවසන් වන විට ශ්‍රි ලංකාව සිය ප්‍රථම ඉනිමට ලකුණු 356 රැස්කර ගෙන සිටියේය.

ඒ වන විට කඩුල්ලේ රැදි සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 147 සහ ලක්ෂාන් සඳකැන් ලකුණු නොලබා සිටියේය. ඉන්දියාව සිය ප්‍රථම ඉනිමට ලකුණු 536 ලබාගත් අතර ශ්‍රි ලංකාවට වඩා ලකුණු 167 ඉදිරියෙන් සිටිමට ඒ අනුව සමත්විය.

මේ වන විට ඉන්දියාව සිය දෙවන ඉනිමට සඳහා පන්දුවට පහරදිමට පිටියට පිවිස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 6 =