කුඩාවැල්ල මහජන බැංකුව කොල්ල කයි

(කොළඹ, ලංකාපුවත්) –තංගල්ල කුඩාවැල්ල මහජන බැංකුවේ මුදල් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

යතුරු පැදියකින් බැංකුවට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු එහි තිබූ රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව ද වාර්තා වේ.

ගිනි අවි අතැතිව පැමිණි කොල්ලකරුවන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති අතර ඉන් ගණුදෙනුකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම කොල්ල කෑම සදහ පැමිණි සැකකරුවන් සම්පූර්ණ හිස් ආවරණ සහිත ආරක්‍ෂිත හිස් වැසුම් පැලද සිට ඇති බවට අනාවරණය වී ඇත. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලිසිය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *