ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රකට ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දී තිබේ.

මෙම එස් යූ වී ජිප් රථය ඉතාලියේ දී හඳුන්වා දීම සිදුකර ඇත.

මෙහි මිල අමෙරිකා ඩොලර් ලක්‍ෂ දෙකේ සිට ඉහළ අගයක් ගන්නා බව වාර්තාවේ.

තත්පර තුනයි දශම හයක් ඇතුළත පැයට කිලෝමීටර සියයක් දක්වා මෙම නව රථයට ගමන් කළ හැකිය. මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර තුන්සිය පහකි.

එස් යූ වී ජිප් රථ ලොව ඉහළ ඉල්ලුමක් සහිත රථයක් ලෙස හැඳින්වේ.

වසර 2020වන විට මෙම වර්ගයට අයත් වාහන අලෙවිය සියයට විසිඅටකින් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *