බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින්,මේමගින් දිවයිනට ඇතිවන බලපෑම අඩුවෙමින් පවතින අතර දිවයිනපුරා වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ.

මේවන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී.950ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව ඇති අතර ඉදිරිපැය24කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවටපත්වී බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරුදිශාවට බරව වයඹදිශාවට ගමන්කරනු ඇතැයිද සඳහන් වේ.

ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක සවස2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකිබවත් බස්නාහිර,වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *