හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අගමැති

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනධිපතිතුමියට ආරක්ෂාව සපයා දී ඇති බවත් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරක්ෂක නිලධාරීන් 154ක් ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂක නිලධාරීන් 61ක් ලබාදී තිබෙන බව පැවසීය.

තවදුරටත් ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා, බුද්ධි අංශ විසින් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය බව දැන්වුහොත් ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ හැකි බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *