ඇමති කබඩි සම්මේලනය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –නිලවරණ නිසි පරිදි නොපැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් හෙතුවෙන් අක්‍රමවත්ව පැවති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා තිබේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2017.12.06 දින නිකුත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේය.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ) සහ 33 වගන්තියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත මෙම අත්හිටුවීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පවත්වාගෙන යාමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා නිසි බළධාරියා ලෙසින් මේ මස 04 වැනිදා සිට පත්කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේය.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයට 2017 වර්ෂයට නිලධාරී මණ්ඩලය පත් කිරිමේ නිලවරණය ඉදිරි සති දෙක තුළ පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *