නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය කාර්යභාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපරාධ අඩු කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අසූවන සංවත්සරයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹදී උත්සවය ඊයේ(07)පැවැත්වුණා. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සංවත්සරයට එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණි.

සංවත්සර උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

” රජයක පළමු කාර්යභාරය විය යුත්තේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි. යම් රජයක වලංගුභාවය පරීක්ෂා කළ හැක්කේ ඔවුන්ට නීතිය හා සාමය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවාද කියන කරුණ මතයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය තුළ සිවිල් අධිකරණවලදී නීතිය සෑම දෙනාටම අපක්ෂපාතී වියයුතුයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සහ ක්‍රියාත්මක කිරීම සදහා වත්මන් රජය කැප වනවා. ඒ වගේම වැරදි කරන පුද්ගලයින් වැඩි වැඩියෙන් අත්අඩංගුවට පත් වනු දැකීම සතුටට කරුණක්. අපරාද තවදුරටත් අවම කර ගන්න ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *