විදේශ වෙළද ආදායම 10.3කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –2017 වසරේ මුල්මාස 10තුළ විදේශීය වෙළඳ ආදායම සියයට දහයයි දශම තුනකින් ඉහළ ගොස් තිබේ.

වත්මන් රජය ක්‍රියාත්මක කළ ආර්ථික සහ දේශපාලන ප්‍රතිවිවෘහයන් තුළින් විදේශීය ආර්ථික පරිසරය ගොඩනැගීමෙන් මේ අන්දමේ අපනයන හා සෘජු විදේශීය අයෝජන ලබාගැනීමට හැකිවූ බව උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

2016 වසරේ සෘජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියන 8.6ක් ලෙස සටහන්ව තිබුණි. මේ වසරේ දී එම කාලසීමාවේ දී උපයාගත් වෙළෙද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය. පසුගිය කාල සීමාව සඳහා අපනයන අංශයෙන් සියයට පහයි දශම නවයක වර්ධනයක් අපේක්ෂා කෙරුණි.

ඒ අනූව, අපනයන අංශයෙන් ඩොලර් බිලියන 12.5ක ආදායමක් ඉපැයීමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව අපනයන අංශයෙන් මේ වසර තුළ අපේක්ෂා කරන මුළු ආදායම ඩොලර් බිලියන 15ක් වේ. මේ අනූව, වෙළෙද අපනයන, ධීවර අපනයන වර්ධනය සියයට 42ක් ද, කෘෂි කර්ම අපනයන අංශය සියයට 18ක් හා කර්මාන්ත අංශයෙන් සියයට 5යි දශම 9ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රොනික් අපනයන සියයට 17.8ක්, කුළු බඩු අපනයන සියයට 34ක් ලෙසින් වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *