තොණ්ඩමාන්ගේ පුතා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී ආරමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ආරමුගම් ජීවන් තොණ්ඩමාන් වහා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්‍ත්‍රාත්වරයා මස්කෙළිය පොලීසිය වෙත ඊයේ (11) නියෝගකර තිබේ.

ඒ පසුගිය 07 වනදා මස්කෙළිය – ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකදී කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා හින්දු හා හින්දු සංස්කෘතික අමාත්‍ය එම්. රාමේෂ්වරන් ඇතුළු එම කොංග්‍රසයේ සාමාජිකයින් හතරදෙනෙකු ඊයේ උදෑසන මස්කෙළිය පොලීසියට භාරවිය. ඉන් අනතුරුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔවුන් මුදා හැරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ආරුමුගම් ජීවන් තොණ්ඩමාන් ඇතුළු තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් අදාළ සිව්දෙනාට ඇප ලබා නොදෙන ලෙස පොලීසියි අධිකරණයන් ඉල්ලා ඇත.

එහිදී මහේස්ත්‍රාත්වරායා ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

එතෙක් එම්. රාමේෂ්වරන් ඇතුළු මෙම සිව්දෙනාට ඇප ලබාදෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =