දුම්රිය වර්ජනයට විසදුම් සෙවීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සේවක වර්ජනයට විසදුම් සෙවීම සදහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12)පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කමිටුව පත් කර තිබේ.

විශේෂ කාර්යාභාරයන් පිළිබද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරයි.
සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,අකිල විරාජ් කාරියවසම් හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පත්කර තිබේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ජනාධිපතිතුමා විසින් ගැසට් කර තිබෙන අතරතුර මේ පිළිබදව සාකච්ඡා කොට වර්ජනයේ නිරත වෘත්තිය සමිති සමග එකගතාවකට එලබීම මෙම කමිටුවට පැවරී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 15 =