ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙට ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) –වියට්නාමයේ පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.

මෙම සම්මානය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් නිර්දේශ වී තිබූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියානු කලාපයේ ගමනාන්ත 14ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරනු ලැබේ.

මීට අමතරව මෙම වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිමය වටිනාකමින් යුත් ගුවන් සේවය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

මීට අමතරව එම සම්මාන උලෙලේ දී ඉන්දියානු සාගර කලාපයේ ආසියාවේ පුමුඛතම ගුවන් සේවය ලෙස ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 15 =