සඳට මිනිසුන් යවන්නැයි අමෙරිකා ජනපති නාසා ආයතනයට කියයි

(කොළඹ, ලංකාපුවත්) – යළිත් සඳ මතට මිනිසුන් යැවීමට කටයුතු කරන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාසා ආයතනයට දැනුම් දී තිබේ.

අඟහරු මතට මිනිසුන් රැගෙන යාමේ පියවරෙහි මූලික කාර්යයක් ලෙස සඳ මතට ද මිනිසුන් රැගෙන යාමට කටයුතු කරන ලෙස අමෙරිකා ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

1972 වසරෙන් පසුව අමෙරිකානුවන් සඳ මතට පා තබා නොමැත. ඉන් පසු කිසිදු අයකු සඳ මත පා තබා නැත​. ඉතිහාසයේ සඳ මත පා තැබූවන් 12 දෙනාම ඇමරිකානුවන් වීමත් විශේෂත්වයකි.මෙවර සඳ මත අමෙරිකා ධජය පිහිටුවීම පමණක් නොව අමෙරිකානුවන්ගේ පා සළකුණු ද එහි තබා ඒම වැදගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසා ඇත.

නාසා ආයතනයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී අමෙරිකා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

මිනිසකු පළමු වරට සඳ මත ගොඩ බැස්සේ 1969 ජූලි මාසයේදිය. ඒ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහුට පසු එඩ්වින් ඕල්ඩ්‍රිං ද සඳ මත ගොඩ බැස්සේය. ඔවුන් ගමන් ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේය.

ඇපලෝ 12, ඇපලෝ 14, ඇපලෝ 15, ඇපලෝ 16 සහ ඇපලෝ 17 යන මෙහෙයුම් මගින් තවත් අභ්‍යාවකාශගාමීන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැස තිබේ. ඇපලෝ 13 මෙහෙයුම අසාර්ථක වුණ අතර එය ආපසු හරවාගෙන ආවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =