සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (12) පෙරවරු 8.30ට ආරම්භ වේ. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5116 කදී මෙවර විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 688 536 කි.

ලබන 21 වන දා දක්වා විභාගය පැවැත්වේ.

විභාග නිරීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 50,000 ක් පමණ යොදවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

එසේම විභාග ගැටලු දැනුම් දීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.
ඒ අනුව 1911 සහ පොලිස් මූලස්ථානයේ 0112 242 11 11 යන දුරකතන අංකවලට අදාළ ගැටලු දැනුම් දිය හැකිය.

මේ අතර 0112 88 52 20 දරන ෆැක්ස් අංකය ඔස්සේ, රහසිගත තොරතුරු ලබා දීම සඳහා ද අවස්ථාවක් ලබා දී තිබේ.

ඊට අමතරව විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ළඟ ම පිහිටි පොලිස් ස්ථානයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 000 කි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =