සේවයට එන්නැයි, වර්ජකයින්ගෙන් ජනපති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.

උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳව වඩා සැලකිලිමත් වියයුතු බැවින් සිය මානුෂීය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලයි.

වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *