නවලෝක රෝහලේ නවතම විශේෂඥ සුවසේවා ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නවලෝක රෝහලේ නවතම විශේෂඥ සුවසේවා ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුකම් පුළුල් කරමින් ඉදිකර තිඛෙන නවතම විශේෂඥ සුවසේවා ගොඩනැගිල්ල රුපියල් බිලියන 05 ක ආයෝජනයකි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා රෝහලේ දිගුකාලීන සේවාවක් සපිරූ සේවක සේවිකාවන් ඇගයීමට ද ලක් කළේය.

නවලෝක රෝහල් සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *