රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය පොලිස් රෝහලටත්

(කොළඹ, ලංකාපුවත්) – රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය  (Hospital Health Information Management System) පොලිස් රෝහල සදහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගැණේ.

මෙම කළමණාකරන පද්ධතිය රජයේ රෝහල් වල ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පොලිස් රෝහලේන්  ලැබුණු ඉල්ලීමකට අනුව පොලිස් රෝහල සදහාද එය හදුන්වාදිමට පියවර ගත් බවත්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

මේ සදහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් අතර පොලිස් මුලස්ථානයේදී  අත්සන් කෙරිණි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු අදහස් දක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය:

මෙම රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය මුලින්ම අපි රෝහල් සදහා හදුන්වාදිමට කටයුතු කළේ 2012 වසරේදීයි.

කියන්න සතුටුයි අවුරුදු කිහිපයකට පස්සේ අද රෝහල් වලින්ම ඉල්ලීම් කරනවා අපිටත් මෙම පද්ධතිය  ලබා දෙන්න කියලා.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මගින් රෝහලටත් වඩා ප්‍රතිලාභ රැසක් රෝගීයාට ලැබෙන බව.දොම්පෙ රෝහලේ තමයි අපි මුලින්ම මෙය ආරම්භ කළේ. අම්පාර රෝහලේදී අපි මුලින්ම ඩිජිටල් එක්ස්රේ යන්ත්‍ර මෙම පද්ධතියට සම්බන්ධ කළා.එමගින් එක්ස්රේ ෆිල්ම් සදහා රජයට මාසයකට වැයවන  රුපියල් මිලියන තුනක පමණ මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතී රවී විජේගුණවර්ධන මහතා :

වෙනස් ‍වන ලෝකයත් සමග අපඊට අනුගත විය යුතුයි.අප දැන් සුදානම් වන්නෙත් එහෙම දෙයකටයි.එහිදී යම් යම් බධා දුෂ්කරතා මතු වෙන්න පුළුවන් එය සාමාන්‍ය දෙයක්.අපි අවබෝධයෙන් යන ගමනක් නිසා ඒ බාධක ජය ගත හැකියි.අයිසීටීඒ ආයතනයෙන් විශාල සහයක් මේ සදහා ලැබී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  වැඩසටහන් කළමනාකරු ශ්‍රීයානන්ද රත්නායක මහතා:

රෝහලේ  බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ  සෞඛ්‍යමය තොරතුරු නියම කරන ලද  ‍ඖෂධ වට්ටෝරු  ‍සෞඛ්‍ය වාර්ථා තොරතුරු ජීවදත්ත ආදී සියළු  තොරතුරු   වෛද්‍යවරයා විසින්මයි  මෙම පද්ධතියට ඇතුලත් කිරීම කරනු ලබන්නේ මෙය ඉතා වැදගත් කටයුත්තක්.සෞඛ්‍ය වාර්ථා පරිශ්‍රීලනය මගින් රෝගියා පිලිබද වැඩි අවබෝධයක් වෛද්‍යවරයාට ලැබෙනවා.එය ප්‍රතිකාර සදහා පහසුවක්.  ලබන 2018 වසර අවසාන වන විට තවත් රජයේ රෝහල් සියයකට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද  පොලිස් රෝහලේ ජේෂ්ඨ පොලිස් අධිකාරී රාජිත ශ්‍රී දමින්ද පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේ.එච්.එම්.කරුණාරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වුහ.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *