ATM කාඩ්පතකින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ATM කාඩ්පතක් මගින් සිදුකළ මුදල් වංචාවක් පිළිබඳ දියතලාව ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වේ.

ඊට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් ව ඇත.

සිය ATM කාඩ්පත උපයෝගී කරගෙන වරින් වර කිසිවෙකු මුදල් සොරකම්කර ඇති බවට ව්‍යාපාරිකයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරුණු විමර්ශනයක දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අදාල ව්‍යාපාරිකයාගේ සමීපතම හිතවතෙකු බවද සඳහන් ය.

වයස අවුරුදු විසි තුනක් වන සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළේය. ඔහු බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දියතලාව පොලිසිය සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *