ඒකාබද්ධය සහ එජාපය නියෝජනය කරන තවත් පිරිසක් ජනපතිට සහයට

(කොළඹ, ලංකාපුවත්) – දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක්විය.

ඔවුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ අතර, ජනාධිපතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළ කරනු ලැබීය.

එමෙන්ම එජාප ප්‍රබල ක්‍රීයාකාරින් වන දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තෝමස් චමින්ද සහ දැරණියගල එජාප බල මණ්ඩලයේ ලේකම් ඒ.වී. පියරත්න යන මහත්වරුන් ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *