කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් දහස් ගණනක් ජනතාව අවතැන්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවදුරටත් පවතින ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක ජනතාව අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තෝමස් ලැව් ගින්නෙන් වෙන්චුරා සහ සැන්ටා බාබරා ජනපදවල වර්ග සැතපුම් 950කට වැඩි ප්‍රදේශයක් විනාශ වී තිබේ. ඉන් නිවාස 690ක් ඇතුළු ගොඩනැගිල 900කට හානි සිදුවූ බව සඳහන්වේ.

මෙය කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් පස්වන දරුණුතම ලැව්ගින්න ලෙස ඉතිහාසයට එක්වන බව වාර්තා වේ.

පසුගිය සතිය තුළ අවතැන් වූ පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව අනූහතරදහස ඉක්මවා ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 7,000ක් යොදවා තිබේ. එහෙත් ගින්නට හසුවූ ප්‍රදේශවලින් බහුතරයක්ම අධික බෑවුම් සහ ගල් සහිතවීම නිසා එය ඉතා අසීරු කටයුත්තක් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − three =