දුම්රිය වර්ජනයට සතියක් – ජනතාව දැඩි පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය වර්ජනයට අදට(13) සතියක් ගත වේ. මේ නිසා මගී ජනතාව තවදුරටත් ලක්ව සිටින්නේ දැඩි අපහසුතාවකටය.

කෙසේ වෙතත් අද දිනය පුරා සියලුම දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ගමන් වාර 50ක් සැලසුම් කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පැවසීය. ඉන්දන සේවා දුම්රියන් ද කිසිදු අඩු පාඩුවකින් තොරව ධාවනයේ යොදවා ඇතැයි ඔහු සදහන් කළේය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අමතර බස්රථ දහසක්, සුඛෝපභෝගී බස් රථ 60ක් සහ පාසල් බස් රථ 650ක් සේවයට එක්කර තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − four =