මැලේසියානු අගමැති 17වනදා ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – දෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ඩටුක් සේරි නජීබ් රසාක් මහතා ලබන 17 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

දෙරට අතර ද්වි පාර්ශවික සබදතාවන් ශක්තිමක් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වේ.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වීමට ද නියමිතය.

මෙම සංචාරයේ දී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා, 2020 වසරේ අප්‍රේල් මාසයේ රටවල් 52ක සහභාගීත්වයෙන් පැවැත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව (CHOGM) පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි. 2020 වසරේ දී එම සමුළුවේ සභාපතීත්වය මැලේසියාවට පැවරෙනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + fourteen =