දුම්රිය වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය වෘත්තීය සමිති සහ කැබිනට් අනු කමිටුව අතර සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡාව අද(13) උදැසන බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

ගැටලුව කඩිනමින් සමතයකට පත්කර ගැනීම අරමුණින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (12) කැබිනට් අනුකාරක සභාවක් ද පත්කරනු ලැබීය.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු අනු කාරක සභාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ඇතුළත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *