ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

තරඟය අද(13) ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

තරඟ 03 කින් සමන්විත තරඟාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් පෙරමුණේ පසුවේ.

තරඟාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ එක්දින තරඟාවලි ජයක් ලබාගැනීම සඳහා සිය කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක් පවතින බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී තරඟාවලි ජයක් වාර්තා කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *