ලූෂන් පුෂ්පරාජ් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ ටෙක්සාස්හි පැවති කායවර්ධන තරගාවලියේ දී හතර වන ස්ථානය දිනාගත් ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයා යළි දිවයිනට පැමිණියේය.

තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව සිටියහ.

ඒ අතරින් 4 වන ස්ථානය දිනා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් සමත් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොලින් ඔහු දිවයිනට පැමිණි අතර ලූෂන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික කායවර්ධන සංගමයේ නිලධාරීන් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 14 =