මෙරට ප්‍රථම කකුළු අපනයන ගම්මානයේ ඉදිකිරීම් අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කකුළු අපනයනය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන කකුළුවන් වගා කිරීමේ නගරය හෙවත් ක්‍රැබ් සිටි ඉදිකිරීමේ කටයුතු අද(14) හම්බන්තොට රැකව දී ආරම්භ කෙරේ.

එහි ප්‍රථම අදියර යටතේ මෙම නගරය ඉදිකිරීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 200කි.

රැකියා අවස්ථා ඉහළ නැංවීම, ආයෝජන අවස්ථා සැලසීම හා මෙරට කකුළුවන් පිළිබඳ විදේශ රටවල ඇති ඉල්ලුම ඉහළ නැංවීම මෙන්ම විදේශ විනිමය ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කකුළුවන් අපනයනය සඳහා වගා කිරීමේ නගරය ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *