යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපා සංගමයෙන් ඉවත්වනවා ද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලතල පැවරෙන පරිදි වූ යෝජනාවකට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් සමුළුවට සහභාගී වන අතරතුර මෙසේ ඡන්දය ප්‍රකාශ කර ඇත.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුන්සිය නව දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් තුන්සිය පස් දෙනෙකු පමණි.

2019 වසරේ දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමත් සමග යුරෝපා සංගමයෙන් ඉවත් වීම තීරණය කිරීම පිළිබඳ බලතල එරට පාර්ලිමේන්තුවට පැවරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *