ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම නත්තල් ගස ඉදිකරමින් ගිනස් වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවට සමගි වාර්තාවක් ද ඇති කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාලුමුවදොර පිටියේදී ලොව විශාලතම නත්තල් ගස පසුගිය වසරේ ඉදිකෙරුණි. එය ඉදිකළේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාව සිටියදීය. එම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මහජන ආධාර ද ඇතිව වරාය සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් විශාලතම නත්තල් ගස ඉදිකළේය.

ලොව විශාලතම නත්තල් ගස ලෙස හිමි වූ ගිනස් සහතිකය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(13) පිරිනමන ලදි. මෙම නිර්මාණය සඳහා දායකත්වය දුන් ශිල්පීන්ට සහතික පත් පිරිනැමීම සිදුකෙරුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

“අපිට පුළුවන් වුණා ලෝකයේ විශාලම නත්තල් ගහ නිර්මාණය කරන්න, ඉඳිකරන්න… ලංකාවට ඒක කරන්න පුළුවන් කියලා හිතුවේ නැහැ.. ඒත් ඔබ සියළුදෙනාගේම ඒ නිර්මාණ ශක්තිය තිබෙනවා… සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සියළුදෙනාම එකට එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරේ… හැම කොම දැනගත්තා අපි සාමය සඳහා තමයි මේ නත්තල් ගහ ඉඳි කරන්නේ කියලා.. ඇයි අපිට එහෙම කරන්න පුළුවන් වුනේ… අද අපේ රටේ ජනතාව දැන් ශ්‍රී ලාංකිකයන් හැටියට තමන්ගේ සංස්කෘතිය, ආගම හැම එක්කෙනාම ගරු කරනවා… ඉතිං ඒ වගේම නිදහසේ අනිත් අයටත් ඒක කරන්න ඉඩ දෙනවා… එහෙනම් අද අපිට කියන්න පුළුවන් ලංකාවේ අද ඒ නිදහස තියෙනවා… අපේ එකමුතුකම අපි ආරක්ෂා කරන්න ඕනේ… ඒ නිසා ගිනස් වාර්තා වගේම සමඟි වාර්තාවක් ඇති කිරීම ගැනත් මම ඔබ සියළුදෙනාටම ප්‍රසංශා කරනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *