සෑම පුරවැසියෙකුගේම තොරතුරු ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක් සැකසේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳ “ජාතික පුද්ගල නාමලේඛයක්” සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මෙම ජාතික පුද්ගල නාම ලේඛනයට සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත ඇගිලි සලකුණු, බිරිද, දෙමාපියන් ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ඇතුළත් වේ.

ජාතික පුද්ගල නාමලේඛනය සැකසීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන්ගේ ද සහය ලබා ගන්නා අතර මේ කාර්ය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලය බැගින් විවෘත කරනු ඇත.

මේ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ නම වසම්වල නිවාසවල ට ගොස් පුද්ගයින්ගේ තොරතුරු හා ඇගිලි සළකුණු ලබාගනු ඇත. ඇගිලි සලකුණු ලබාගැනීමට අවශ්‍ය උපකරණ දෙපාර්තමේන්තුව මඟින් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා කීය.

ශ්‍රී ලකංවේ ජීවත් වන 160,00000කට අධික වයස අවුරුදු 17ට වැඩි පුරවැසියන්ගේ සියලු තෙරතුරු මෙම ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙන අතර 2019 වසර අවසන් වීමට පෙර එය සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *