අන් අයෙකු ලෙස පෙනී සිට සාපෙළ ලියූ සිසුන් දෙදෙනෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල, ලුණුගල මහා විද්‍යාලයේ දී නීති විරෝධී ලෙස මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ඊයේ(14) අත්අඩංගුවට ගෙන ඇත.

ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 02 ශාලාධිපතිවරයා ලුණුගල පොලිස් ස්ථානයට දැනුම් දී ඇත්තේ පෞද්ගලික අපේක්ෂකයින් දෙදෙනෙකු විභාග අංක මාරුකර අන් අයෙකු ලෙස විභාගයට පෙනී සිටින බවය.

ඒ අනූව මූලික පරීක්ෂණ සිදු කර පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. හැඳුනුම්පත් හා විභාග ප්‍රවේශ පත්‍ර මාරුකර අන් අයෙකු ලෙස පෙනී සිටීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 17 සහ 18 යන වයස්වල පසුවන ලුණුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන් අද(15) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ලුණුගල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =