ජංගම දුරකථනයෙන් බෝ නොවන රෝග ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිත කරමින් බෝනොවන රෝග පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකථන සමාගම්වල සහයෝගය ලබාගනිමින් මෙම දන්ත සමීක්ෂණය 2018 වසරේ දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙළ අමෙරිකා එක්සත් ජනපදයේ බ්ලූම්බර්ග් පදනමේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ පිළිබඳව වූ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (බෝනොවන රෝග) චම්පිකා වික්‍රමසිංහ මහත්මියගේ හා බ්ලූම්බර්ග් පදනමේ නියෝජිතයන් අතර ඊයේ (14) පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *