ප්‍රදේශ කිහිපයකට නාය අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

නාය අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටය. බුලත්සිංහල, හල්වතුර කන්ද නාය යාම හේතුවෙන් හල්වතුර ප්‍රදේශයේ පවුල් 17ක පුද්ගලයින් 76 දෙනෙකු ඉවත් කර ඇත.

ඊයේ (14) සවස 4.30ට පමණ කන්ද නාය යාමත් සමග පැමිණි ජල පහරින් අවට නිවාසවලට හානි සිදුව තිබේ.

ඊයේ රාත්‍රීයේ අවදානමට ලක්ව ඇති පිරිස ඉවත්කර දැනට ඔවුන් හල්වතුර වතු රෝහලේ තාවකාලිකව රඳවා ඇත. ඔවුන්ට අවශ්‍ය සහන සලසා ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 4 =