කළුබෝවිල නිවසක ගින්නක් – කාන්තාවක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ(14) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇත.

අදාළ ගින්න කොහුවල පොලිසිය, ප්‍රදේශවාසීන් හා දෙහිවල – ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකවල සහාය ඇතිව මැඩ පවත්වා තිබේ.

මෙම ගින්න නිවසේ ඉහළ මහලේ කාමරයක් තුළ හටගෙන අති අතර ගින්නෙන් එම කාමරයේ සිටි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මිය ගිය කාන්තාව සුළු මානසික රෝගයකින් ද පෙළුණු තැනැත්තියක් වන අතර ඇගේ වයස අවුරුදු 57කි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොහුවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂන පවත්වනු ලබයි.

මේ අතර ඊයේ(14) සවස හොරණ, පෝරුවදණ්ඩ හංදියේ පිහිටි වාහන අලුත් වැඩියා කරන ආයතනයකට අකුණුසැරක් වැදීමෙන් ගින්නක් හටගෙන තිබේ. එයින් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

නමුත් ගින්න හේතුවෙන් එම ආයතනයේ වාහන අමතර කොටස් හා කැමරා පද්ධතිය විනාශ වී තිබේ. සිදුව ඇති දේපළ හානිය පිළිබද මෙතෙක් තක්සේරු කර නොමැති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *