පලස්තීනයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගන්නැයි මුස්ලිම් රටවල නායකයින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පලස්තීන රාජ්‍ය සහ එහි අගනුවර ලෙස නැගෙනහිර ජෙරුසලම පිළිගන්නා ලෙස මුස්ලිම් රටවල් 57ක නායකයන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මුස්ලිම් නායකයන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස කරන ලද ප්‍රකාශය වලංගුතාවකින් තොර බවය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය තුළින් අමෙරිකා එක්සත් ජනපදයට මැද පෙරදිග කලාපයේ සාම ක්‍රියාවලයට සක්‍රීය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව පෙනී යන බව ද මුස්ලිම් නායකයන් සදහන් කර ඇත.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටලුවට මැදිහත් විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *