මැලේසියානු අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුල මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමතිවරයා ලෙස ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කර තිබේ.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආර්යාව මේ මස 17 සිට 19 වැනි දින දක්වා තෙදිනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *