තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ ලබන 22වනදා අවසන් වන බැවින් එදින හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ලබන 22 වැනි දින මධ්‍ය රාත්‍රී 12.00 වන විට සියලු තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කාර්යාලවලට ලැබී තිබියුතු අතර තැපැල් මගින් අයදුම් පත් එවීමෙන් ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ළඟම ඇති මැතිවරණ කාර්යාලය එම අයදුම්පත් භාර දිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ලබන 23 වැනි දින තැපැල් මගින් ලැබෙන අයදුම්පත් භාර නොගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *