රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන රජය ආරම්භ කළ වෙනස ආරක්ෂා කර ගනිමින් ඊළඟ වසර දෙක තුළ දී වේගවත් සංවර්ධනයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහරගම පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂ මහරගම බලමණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වුණි. මහරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා සංවිධාන කර තිබූ එම ජන රැළියට පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයින් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ඡන්ද පවත්වනවා, කතා කිරීමේ නිදහස තියෙනවා, ජීවත් වීමේ නිදහස තියෙනවා, පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙනවා, පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා, අද පාර්ලිමේන්තුව රැස්වෙනවා, ඇමතිවරු පමණක් නෙවෙයි අගමැති හැටියට මම ගිහින් ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා.. කිසිවෙකින් පැනලා යන්නේ නෑ… රූපවාහිනිය නරඹන්න පුළුවන්.. මොකක්වත් හංඟන්නේ නෑ… විවෘත පාලනය ක්‍රමයක් තියෙන්නේ… උඩ ඉඳන් පහළට විවෘත පාලනයක්… දැන් පළවෙනි අවුරුදු දෙකේ දී මේ වැඩ කටයුතු සියල්ලම අපි කරගෙන තියෙන්නේ.. එහෙනම් ආරම්භයක් තියෙනවා… කාටවත් කියන්න බෑ මුකුත් කරේ නෑ කියලා.. ඒකට අපිට පුළුවන් සංඛ්‍යා ලේඛන ඇතුව පෙන්නන්න හැම ක්ෂේත්‍රයේම මොකද්ද කරලා තියෙන්නේ… ඇයි මේවා සිදු වුණේ… එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ හිටපු නිසා…

මොකද්ද ඊළඟ පියවර… ඊළඟ පියවර මේක ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න මීට වඩා වේගවත්ව කරන්න ඕනේ.. මමත් කැමති වේගවත් කරන්න.. ඒත් අපි ආරම්භ කරපු වෙනස ආරක්ෂා කරගන්නේ නැත්තම් වේගවත් කරන්න බෑ.. මේ අවුරුදු දෙකේ ආරම්භ කරපු එක අපි ආරක්ෂ කරගමු… ඒ තියෙන එක ආරක්ෂා කරගන්නේ නැත්තම්… ඊළඟ අවුරුදු දෙකේ ඊළඟ පියවරට යන්න බැහැ… අපි අවුරුදු දෙකෙන් දෙකට අපේ ප්‍රගතිය දිහා බලන්න ඕනේ… ආරම්භය යන වේගය ගැන සෑහීමකට පත් නොවෙනවා නම්… ඊළඟ සැරේ මේක ආරක්ෂා කරාම අපිට මීට වඩා වේගවත්ව ගමන් කරන්වා… මමත් කැමති මීට වඩා වේගයෙන් කරන්න පුළුවන් නම්.. දැන් අපිට තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට මේ බල මණ්ඩලයේ හැටියට ජනතාවට කතා කරලා.. මේ ආරම්භ කරපු වෙනස ආරක්ෂා කරගෙන අඩුපාඩුකම් හදාගෙන ඊළඟ අවුරුදු දෙකේ තවත් ඉදිරියට යන්න කියලා මම මෙතන ප්‍රකාශ කරනවා…”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + six =