ෆැන්සිස් පාප් වහන්සේ අඩි 13ක් දිග පීසා එකක් සමඟ උපන්දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ 81 වන ඡන්ම දිනය ඊයේ(17) දිනට යෙදී තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ වෙනුවෙන් වතිකානුව හා ලොව රටවල් රැසක සැමරුම් උත්සව පැවැත්වුණු බවය.

ඡන්ම දිනය සැමරීම සඳහා දරුවන් වෙනුවෙන් අඩි 13ක් දිගැති පීසා එකක් ද සූදානම් කර තිබුනි.

පාප්වහන්සේට සුබ පැතීම සඳහා දහස් ගණනක් දරුවන් වතිකානුවේ සෙන් පීටර්ස් බර්ග් චතුරස්‍රය වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

පාප්වහන්සේගේ ඡන්ම දින උත්සවය සඳහා එක්ව සිටියේ විවිධ රෝගාබාධවලට ගොදුරු වූ දරුවන් වීම විශේෂත්වයකි.

විවිධ සංවිධාන සහ පුද්ගලයින් අලංකාරවත් කේක් වර්ග පිළිගන්වමින් පාප්වහන්සේට සුබ පැතීම ට කටයුතු කර තිබුණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + eight =