ආණමඩුවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක කි‍්‍රකට් සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ කි‍්‍රකට් ඇකඩමියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. කී‍්‍රඩකයින් මෙන්ම කි‍්‍රඩිකාවන්ටද අදාල වන පරිදි මෙම සංචිතය පිහිටුවීමට නියමිතය.

පළමු අදියර යටතේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමෙන් අනතුරුව පුත්තලම දිස්ති‍්‍රක්කයම ආවරණ වන පරිදි කි‍්‍රකට් සංචිතය පුළුල් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මූලික අදියරේදී පිහිටුවන කි‍්‍රකට් සංචිතය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක් තොරා ගැනීමට අපේක්‍ෂිතය. ඊට කී‍්‍රඩිකාවන් 300 ක් ඇතුලත් වන බවද අමාත්‍යවරයා පැවසීය. මේ වන විට එම සංචිත සඳහා තොරා ගැනීම් සිදු කිරීමද ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ කී‍්‍රඩා පිටි 08 ක් සංවර්ධනය කිරීමටද පියවර ගෙන තිබේ. ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, නවගත්තේගම මධ්‍ය විද්‍යාලය, කරුවලගස්වැව විද්‍යාලය, යන පාසල් කි‍්‍රඩාංගන සහ පල්ලම, වනාතවිල්ලූව, මුන්දලම, පුත්තලම හා මහකුඹක්කඩවල යන මහජන කි‍්‍රඩාංගන මෙම වැඩපිළිවෙල යටතේ සංවර්ධනය කෙරේ. ඒ සඳහා වන සමස්ථ ඇස්තමේන්තුව රුපියල් ලක්‍ෂ 40 කි. කි‍්‍රඩාපිටි සියල්ල සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහයෝගයද ලබා ගනිමින් මෙම කි‍්‍රකට් සංචිතය පිහිටුවන බවයි. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ඉදිරි කටයුතු සඳහා පොදු අරමුදලක් පිහිටුවීමටද පියරව ගන්නා බවත් ඒ පිළිබඳ අනුග‍්‍රහය ලබා ගැනීමට රජය හා වෙනත් ආයතන සමග සාකච්ඡුා සිදු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *