පිලිපීනයේ නායයෑමකින් 26 දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වර්ෂාවත් සමග පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයේ හටගත් නායයෑමකින් පුද්ගලයින් 26 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

කි- ටැක් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවති.

මේ හේතුවෙන් පුද්ගලයින් 1,50000ක් පමණ අවතැන්ව ඇතැයි විදෙසස් මාධ්‍ය වාර්තා කර ඇත.

මධ්‍යම ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් පුද්ගලයින් 26 දෙනෙක් මියගොස් ඇති අතර තවත් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇති බවද පිලිපීන බලධාරීන් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *