චීන ශ්‍රී ලංකා සහයෝගිතාවෙන් පසු ප්‍රථම නෞකාව හම්බන්තොට වරායට

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරා දීමෙන් පසු පැමිණි ප්‍රථම වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට මාගම්පුර වරායට ඊයේ(18) ළඟා විය.

පොසිටිව් පයොනියර් නමැති මෙම නෞකාවෙන් රථ වාහන හාරසියයක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

නෞකාව පැමිණියේ පැනමා සිට ය.

නෞකාව පැමිණීම හේතුවෙන් සේවා පුළුල් කිරීමේ අවශ්‍යතා මත සේවකයින් එකසිය තිස්පස් දෙනෙකු බඳවාගෙන ඔවුන් පුහුණු කර මෙහෙයුම් කටයුතු සඳහා යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *